2013-11-18

මිනුවන්ගොඩ ඉන්දික නිදහස් කරන්න ලක්ෂ තුනක කප්පමක් - සැකකරුවන් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දික සපුමල් නැමැති 28 හැවිරිදි තරුණයෙකුව පැහැරගෙන ගොස් ඔහුව නිදහස් කිරීමට නිවැසියන්ගෙන් රුපියල් ලක්ෂ තුනක කප්පම් ඉල්ලූ පුද්ගලයින් හතර දෙනෙකු හා ඔවුන් ගමන්ගත් තී‍්‍රරොද රථය හඟුරන්කෙත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැහැරගැනීමට ලක් වූ තරුණයා දන්නා හඳුනන අයෙකු ඇතුළු සිව්දෙනෙකු තී‍්‍රවීල් රථයකින් ඔහුගේ නිවසට පැමිණ අලූත් යතුරුපැදියක් අඩු මුදලකට ගැනීමට හැකි බව පවසමින් ඔහුව නිවසින් පිටතට කැඳවාගෙන ගොස් ඇත. අතරමඟදී ඉන්දිකට පහර දී ඔහුව තී‍්‍රරෝද රථයේ දමාගෙන බදුල්ලට රැගෙන ගොස් තිබේ. එ අතරතුර නිවසට කතා කොට රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇත. ඉන්දිකගේ මව විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ඉන්දිකව නිදහස් කර ගැනීමට හැකි වී තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.