2013-11-18

පානදුර නගරාධිපති බස්නාහිර පළාත් මුල් පුටුවට?

ඉදිරියේදී පැවැත්විමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රීක් නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු වූ නන්දන ගුණතිලක මහතා නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
නන්දන ගුණතිලක මහතා මේවනවිට පානදුර නගරාධිපති ලෙස කටයුතු කරන අතර, ඔහු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, අමාත්‍ය ධුරයක් ද ලබාදීමට ජනාධිපතිවරයා එකඟවී ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් කල විමසීමේදී, නන්දන ගුණතිලක මහතා කියා සිටියේ, පක්ෂ නායකත්වයෙන් ආරාධනයක් ලැබුනහොත් තමා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.