2013-11-27

දක්ෂිණ අධිවේගයේ පෞද්ගලික බස් ගැන පැමිණිලි කරන්න අංකයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. සතියේ දනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා 0112 807 279 යන දුරකතන අංකය ඔස්සේ මගී ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ඇතැම් පෞද්ගලික බස් රථ ගුණාත්මක භාවයෙන් අඩු බවට පැමිණිලි ලැබී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. බස් රථවල වායුසමීකරණ අක‍්‍රිය වීම, මදුරුවන් ගැවසීම, අපිරිසුදු බව පිළිබඳ වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද  අමාත්‍යාංශය සඳහන් කළේ ය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.