මධ්‍යම පළාත් සභාවේ තවත් මන්ත්‍රීවරු පිරිසක් ඉදිරි සති කිහිපයේ දී ස්වාධීන වීමට ඉඩකඩ පවතින බව එහි ස්වාධීන මන්ත්‍රි සංජිව කවිරත්න මහතා පවසයි. මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ මහතා විසින් රෝහණ බණ්ඩාරනායක හා තමන්ට විවිධ අවලාද නගමින් මාතලේ තුළ බෙදාහැර ඇති මඩ පත්‍රිකා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි. ඉදිරි සති කිහිපය තුළ මෙයට නිසි ප්‍රතිචාර නොදැක්වුහහොත් තවත් මන්ත්‍රිවරු පිරිසක් ස්වාධීනව කටයුතු කිරීමට පියවර ගනු ඇතැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ ය.
තමාත් රෝහණ මන්ත්‍රිතුමාත් ස්වාධිනව කටයුතු කිරිමට තිරිණය කළේ විපක්ෂ නායකගෙන් වන විවිධ දේ නිසා බවත් විපක්ෂ නායක ලෙස පත්වීම ලබා දින කිහිපයක් ගත වුවත් පළාත් සභාව තුළ කිසිම දෙයක් ඉටු කිරිමට නොහැකි වී ඇතැයි ද කවිරත්න මහතා පැවැසී ය. පසුගිය දින කිහිපයේ පළාත් සභාවේ විපක්ෂ නායක පත්කිරිමේදි රෝහණ බණ්ඩාරනායක මහතා එම තනතුර ලකි ජයවර්ධන මහතාට ලබාදිය යුතු බවට යෝජනා කිරීම නිසා මෙවැනි ක්‍රියා සිදුකරන බවත් කවරත්න මහතා සඳහන් කරයි.
පළාත් සභා ක්‍රමය පටන් ගත් සිටම වසර ගණනාවක් කටයුතු කරන ලකි ජයවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ද කටයුතු කර තිබේ. එබැවින් එම යෝජනාව ඉදිරිපත් කළ බව ඔහු කියා සිටියේ ය.
Source - RIVIRA News Paper
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.