2013-12-04

ව්‍යාජ 5000 නෝට්ටු මුද්‍රණ ආයතනයක් බොරැල්ලෙන්

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු ජාවාරමක් බොරැල්ල ප‍්‍රදේශයෙන් හෙලිවී තිබෙනවා. පොලීසිය පැවසුවේ එම නෝට්ටු මුද්‍රණය කරන ස්ථානය සර්පන්ටයින් පාරේ පිහිටා තිබු බවයි. අද අළුයම කළ වැටලීමකදී එහි සිටි පුද්ගලගයින් දෙදෙනකු ද ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත‍්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 04ක් ද එහි තිබී සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.