අතුරුගිරියේ සමාජ ශාලාවක දී එහි ආරක්‍ෂක නිලධාරියෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් 09 දෙනෙකු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා. ප‍්‍රධාන සැකකරු දිසානායක වත්තේගම රනිල් බණ්ඩාර ධර්මශ‍්‍රී හෙවත් බණ්ඩා නමැත්තෙක්. එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ රියදුරෙකු ද වන ඔහු නීතිඥයෙකු මගින් ඊයේ පොලීසියට භාරවුණා. පොලිසිය පවසන්නේ සෙසු සැකකරුවන්ගෙන් දෙදෙනකු ඝාතනයට පෙර දිනයේ දී අදාළ සමාජ ශාලාවට පැමිණ ගැටුමක් ඇතිකර ගෙන ඇති බවයි. ආරක්‍ෂක නිලධාරියෙකු ඝාතනය කිරීම ඊට පළිගැනිමක් බව ද විශ්වාස කෙරෙනවා.
2013-12-04
අතුරුගිරිය ඝාතනයේ සැකකාර මන්ත‍්‍රී රියදුරා අද අධිකරණයට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.