2014-02-27

11 හැවිරිදි දැරියක් කැලෑවකට ඇදගෙන ගොස් දූෂණය කළ කරණවෑමියා අත්අඩංගුවට

වයස අවුරුදු 11 වන බාල වයස්කාර පාසල් සිසුවියක් පසුගිය බදාදා (26) කැලෑවකට පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන 21 හැවිරිදි කරණවෑමියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නවගත්තේගම පදිංචිකරුවෙකු වන අතර ඔහු නවගත්තේගම ප්‍රදේශයේම බාබර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය නවගත්තේගම ප්‍රදේශයේ පාසලක 06 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත. ඇය පදිංචිව සිට ඇත්තේ නවගත්තේගම - කිරිමැටියාව ප්‍රදේශයේය. පාසල් යන අතරතුර දැරිය හා සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් හට ගෙන ඇත.
දැරිවිය නිවසේ සිට පාසල දක්වා යමින් සිටින විට සැකකරු තමන්ට අයත් ත්‍රීරෝද රථයෙන් පැමිණ දැරිවියවද එහි නංවාගෙන නවගත්තේගම ප්‍රදේශයේ කැලෑවකට ගොස් එහිදී ඇයව දූෂණය කොට ඇත.
කැලෑව තුළ පාසල් දැරිවියක් තවත් අයෙකු සමග සිටිනවා දැක ඇති ඒ අසලින් ගමන් කළ අයෙකු විසින් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය කැලෑව තුළදීම සැකකරුව සහ පාසල් සිසුවිය අත්අඩංගුවට ගෙන ඇත. පසුව පාසල් සිසුවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර පෙම්වතා තමාව කැලෑව තුළදී දුෂණය කළ බව අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.