2014-02-27

නවක වදය පේරාදෙණි සරසවි සිසුන් 33කට පන්ති තහනමක් ගෙන එයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 33 දෙනෙකු දින නියමයක් නොමැතිව පන්ති තහනමට ලක් කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය විනය පාලක ආචාර්ය අශෝක දංගල්ල මහතා සඳහන් කළේ නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පන්ති තහනම ක්‍රියාත්මක කල බවයි.
එම විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුන් 25 දෙනෙකු සහ තෙවන වසරේ සිසුන් 08 දෙනෙකු මෙලෙස පන්ති තහනමට ලක්ව සිටිනවා. 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල මහ ශිෂ්‍ය සංගමය සඳහන් කළේ විශ්වවිද්‍යාලය තුළ විශාල ශිෂ්‍ය මර්දන ව්‍යපාරයක් ක්‍රියාත්මක කිරිමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති බවයි.
මීට දැඩි විරෝධය පළ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර ප්‍රකාශ කළේය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.