ගනේමුල්ල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වී වාහනට යමින් සිටි ගායක අසංක ප්‍රියමන්ත පීරිස් මහතාට පහර දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය නියම කර තිබෙනවා.
එලෙස ඇප නියම වූයේ හර්ෂ සංජීව, එම් ඒ ඩී ප්‍රසන්න කුමාර සහ ධනුෂ්ක චතුරංග යන ගනේමුල්ලේ පදිංචිකරුවනටය. එක් සැකකරුවකු හඳුනා ගැනීමට අසංක ප්‍රියමන්ත පීරිස් මහතා සමත් වුණා. ජුනි 17 නැවත නඩුව කැඳවීමට නියමිතය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.