අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ ආපන ශාලාවේ තිබී නීතිවිරෝධී මැතිවරණ පෝස්ටර් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී හමුවූ පෝස්ටර් සංඛ්‍යාව 3200ක්. මැතිවරණ පනතට පටහැනි ලෙස ඒවා මුද්‍රණය කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු විසින්. අදාළ පෝස්ටර් තොගය සොයාගත්තේ මාතර සහකාර මැතිවරණ කොමසාරිස් තිළිණ වික‍්‍රමරත්න මහතාට ලද තොරතුරකට අනුවයි. පසුව ප‍්‍රදේශය භාර මැතිවරණ නිලධාරීන් විසින් ඊයේ රාත‍්‍රියේ කළ වැටලීමකදී සොයාගත් අදාළ පෝස්ටර් තොගය අකුරැුස්ස පොලිසියට භාරදී තිබෙනවා.
2014-02-14
සන්ධාන අපේක්ෂකයෙකුගේ ඡන්ද පෝස්ටර් තොගයක් ප‍්‍රාදේශීය සභාවකින් හමුවෙයි
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.