2014-02-15

රිදීගම හොටෙල් හිමියාගේ ඝාතනයට සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල - දඹුල්ල පාරේ මුත්තෙට්ටුගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවැති ව්‍යාපාරිකයින්ගේ සාදයකදී සිදුවූ වෙඩි තැබීමකින් දෙදරු ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රිදීගම ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙකු වන බව කියන දිසානායක මුදියන්සේලාගේ අනුරුද්ධ බණ්ඩාර දිසානායක නොහොත් කළු මල්ලි නැමැති අයෙකි. 
ඊයේ රාත්‍රී පැවති එම සාදය සඳහා ව්‍යාපාරිකයින් 35 දෙනෙකු පමණ සහභාගි වී ඇති බව අප වාර්තාකරු කියයි. රාත්‍රී 11.00ට පමණ වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා රේල් පාරට ගෙනැවිත් දමා ඇතැයිද අනතුරුව ඔහු දඹුල්ල පාරට බඩගාගෙන ගොස් ත්‍රීවිලරයක් ආධාරයෙන් කුරුණෑගල රෝහලට ඇතුළත්ව ඇති බවද හෙතෙම පවසයි.
කෙසේ වෙතත් එහිදී අදාළ ව්‍යාපාරිකයා මියගොස් ඇති බවද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු මේවන විට කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.