පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් මිහින්තලය පිහිටි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කල සත්‍යග්‍රහයට බ්‍රහස්පතින්දා(27) දිනට දින 80 ක් ගතවී ඇතත් ඊට විසඳුම් ලබාදීම වෙනුවට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කරන බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා පවසනවා.
‘දින 80 ක කාලයක් පවත්වාගෙන යනු ලබන සත්‍යග්‍රහයෙදී අපට පාලනාධිකාරියෙන් ලැබුණු විසදුම් වන්නේ සිසුන් 30 කට අධික පිරිසකට බොරු චෝදනා ඉදිරිපත් කරමින් දෙමාපියන් ගෙන්වා බිය වැද්දීම හා තර්ජනය කිරීම බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් අමිල පෙරේරා පවසනවා. අද වනවිට ද විශ්වවිද්‍යාල පරිපාලනය රටට බොරු කියමින්, බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් ප්‍රශ්න වලට විසදුම් ලබා දීම වෙනුවට සිසුන් තවදුරටත් පීඩනයට පත් කරමින් සිටින බවද ලේකම්වරයා පවසනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.