බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලිය තුළදී සිදුවූවායැයි කියන තරග පාවාදීම් සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක කෞශාල් ලොකුආරච්චි සම්බන්ධ වී ඇති බවට තහවුරු වී තිබෙන අතරම, ඔහු ඒ පිළිබඳවවන වැරැද්ද පිළිගෙන ඇති බවද එෆ්.පී. පුවත් සේවය වාර්තා කරනවා.
ඔහුට අමතරව බංග්ලාදේශ හිටපු නායක මොහොමඩ් අශ්‍රාෆුල්, නවසීලන්ත පිතිකරු ලොවු වින්සන්ට් යන අයද තරග පාවාදීම් පිළිගෙන ඇති බවට එම පුවත්සේවය පෙන්වා දෙනවා.
එසේම තරගාවලියේ ශූරතාවය හිමිකර ගත් ඩකා ගැලැඩියේටර් කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයාද තරග පාවාදීම්වලට සම්බන්ධ වී ඇති බවට තහවුරු වී ඇති බවයි ඒ.පී. පුවත් සේවය වාර්තා කරන්නේ.
කෙසේ වෙතෙත් අප මේ සම්බන්ධයෙන් කෞෂාල් ලොකුආරච්චිගෙන් විමසා සිටියා. ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් තමා වරද පිළිගෙන නොමැති බවයි. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ගැනීමට සූදානම් බවද ඔහු පැවසුවා. එසේම මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැනුවත් කර ඇති බවත් තමන් එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ නැති බවත් මෙම ප්‍රවෘත්තිය ඇතැම් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ වැරදි සහගත ලෙස බවත් ඔහු පවසනවා.

කෞෂාල් ලොකුආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට එක්දින තරග 21කට හා පන්දුවාර 20-20 තරග දෙකකට ක්‍රීඩාකර තිබේ. ඔහු අවසන්වරට ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2012 වසරේදීය.
Source - Ada.lk

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.