රත්නපුර ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත‍්‍රී 7.00 ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ රත්නපුර හිඳැල්ලන මලංගම ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
සිය මෝටර් රථයෙන් නිවසට පැමිණ ඇති ඔහු ගේට්ටුව විවෘත කිරීමට යාමේදී වෙඩි ප‍්‍රහාරයට ලක්ව තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා රත්නපුර මහ රෝහලට රැුගෙන යන අතුරතුරදී ජීවිතක්ෂයට පත්වුණා. අළු පැහැති මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා පලාගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.