දැනට ක්‍රියාත්මක දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් විශ්‍රාම ගිය රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනූව ඔවුන්ට මරදාන, නාවලපිටිය හා අනුරාධපුර දුම්රිය පාලක කාර්යාවලට වාර්තාකරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
අදාළ සේවකයින් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාදීමට සුදානම් බවද හෙතෙම පවසනවා.
දුම්රිය රියැදුරන් ඊයේ පස්වරුවේ සිට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මගී ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටින අතර ඊට විසඳුමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණයට එළඹ තිබෙනවා.
මෙම වර්ජනය හේතුවෙන් කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ පස්වරුවේ විශාල මගීන් පිරිසක් පීඩාවට පත්වුණා.
සති අන්තයේ ලැබුණු නිවාඩුවත් සමග ගම් බිම් බලා යාමට මෙන්ම කාර්යාල කටයුතු නිමවා යන අයද මේ නිසා දැඩි අපහසුතාවයට පත්වුණා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.