පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති හයක් දියත් කොට ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය දින 14ක කාලයකට වළකාලමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ඊයේ (29) පස්වරුවේ වාරණ නියෝගයක් නිකුත් කළාය.
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හර්ෂණ ද සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ විනිසුරුවරිය එම නියෝගය කළාය.එකී වෘත්තීය සමිති විසින් දියත් කොට ඇති එම දීප ව්‍යාප්ත වැඩවර්ජනය නිසා රට පුරා විසිරී සිටින රෝගීන් ලක්ෂ සංඛ්‍යාවකට දැඩි අපහසුතාවලට මුහුණදීමට සිදුවී ඇති බවත් තමන් ඇතුළු රෝගීන්ගේ ජීවිත ඇපයට ගනිමින් ක්‍රියාත්මක එම වැඩ වර්ජනය ඉතා අසාධාරණ හා යුක්ති සහගත නොවන බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වාදී තිබුණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා එහිදී පෙන්වා දුන්නේ වගඋත්තරකාර වෘත්තීය සමිතිවල උත්සාහය රජයේ දියත් කොට ඇති නිදහස් වෛද්‍ය සේවාව අඩපණ කිරීම බවයි. එම සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරිය පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් සමන් ජයසේකර ඇතුළු වගඋත්තරකාර වෘත්තීය සමිති ප්‍රධානීන් වෙත වහාම දුරකථන මගින් තම නියෝගය දැනුම් දීමට හා ලිඛිතව තම නියෝගය භාරදීමට පියවර ගන්නා ලෙසට දිසා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.
නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි එම පෙත්සම ගොනු කර තිබුණි.නීතිඥ නවෝද්‍ය විජේරත්න, නිරාම් කරීම්, පුලස්ති රූපසිංහ යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.