2014-08-16

94 සිට පැරදුණු පළාත් හා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරු බදුල්ලට

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1994 සිට මේ දක්වා පරාජයට පත්වූ සියලූම පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඒකාබද්ධ කර විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

එම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාට උපදෙස් දී ඇත.

බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් ඇරඹෙන මෙහි පළමු වැඩසටහන හෙට ආරම්භවීමට නියමිත ය.

පසුව මොනරාගල, ගාල්ල, මාතර යන දිස්ත‍්‍රික්වල පැවැත්වෙන අදාළ වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත‍්‍රික් ආවරණය වන පරිදි පැවැත්වීමට අපේක්ෂිත ය.

ප‍්‍රාදේශීය මට්ටමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා පරාජයට පත්වූ මන්ත‍්‍රීවරුන් සහභාගි කරවා ගනිමින් කි‍්‍රයාත්මක කිරීම මෙහි අරමුණයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.