හාලිඇළ පොලිස් මුරපොල අසල දී අද (22) සන්ධ්‍යාවේ කඩු පොලු රැගත් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා සමඟ ගමන් කළ වාහන කිහිපයකට පහර දී අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එම පහරදීමෙන් හරීන් ප්‍රනාන්දු මහතා ගමන් කළ වාහනය ඇතුළු වාහන තුනකට අලාභ හානි සිදුවී ඇත. එම අවස්ථාවේ එතැනින් ගමන් කරමින් සිටි මාධ්‍යවේදියකුගේ වෑන් රියකට ද ගල් පහරක් වැදී විදුරු කැඩුණු බවට ඔහු බදුල්ල පොලිසියට පැමිණිලි කළේය.
හරීන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයකු පැවසුවේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා හාලි ඇල පොලිසියට ගිය බවයි.
ඔහු මෙසේද කීවේය.
"එක්සත් ජාතික පක්ෂයේ කටවුට් හා කාර්යාල කඩා පිළිස්සූ සිද්ධියක් ගැන වාර්තාවීමෙන් පසුවයි අපි හාලිඇලට ගියේ. අපේ කටවුට් කඩා ගිනි තබනු දුටුවා. තුන් හාරසියයක පමණ පිරිසක් එහි සිටියා. හාලිඇල පොලිස් මුරපොල ඉදිරිපිට සිටි ඔවුන්ගෙන් සමහරකු අත කඩු, පොලු තිබුණා.
අපි යද්දි අපේ වාහනවලට කඩු පොලුවලින් ගැහුවා. අපේ වාහනවලට හානි වුණා. හරීන් මහත්තයා ගිය වාහනයේ පිටුපස කුඩු වුණා. මේක සැලසුම් කරලා කරපු දෙයක්."
සිද්ධියෙන් කිසිවකුට තුවාල නොවූ බව ද ඔහු කීවේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.