මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නියැලී සිටි පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු චෝදනාවට වරදකරුවන් වූයෙන් එක් අයෙකුට රුපියල් 100 බැගින් දඩ ගෙවන ලෙස මතුගම අතිරේක මහේස්ත්‍රාත් චමරී වීරසූරිය මහත්මය නියෝග කළාය.
මෙසේ දඩ ගෙවීමට සිදුවූයේ ඉත්තෑපාන ප්‍රදේශයේ පදිංචිකරුවන් හත් දෙනෙකුටය. ඉත්තෑපාන ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන යන සූදු පොළක් පිළිබඳ වැලිපැන්න පොලීසියට ලැබුණු තොරතුරක් මත වැටලීමක් කොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.