2014-11-01

ඇල්ලේ 155ක් අවතැන්වෙයි

ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සිදුවන නායයෑම් හා අවදානම් හේතුවෙන් පවුල් 155ක් අවතැන්ව ඇති බව වාර්තා වෙයි. 

ඇල්ල ප්‍රාදේශිය ලේකම් සමන්ති රණසිංහ මහත්මිය සඳහන් කළේ එම පවුල් වලට අයත් පුද්ගලයින් 546 දෙනෙකු අවතැන්ව ඇති බවයි. 

නාගවිල,නිව්බර්ග්, පිංඅරාව, හිඳගල හා කේසීන් යන තේ වතු 05 ද නායයෑම් අවදානමට ඇතුළත්ව ඇති බව ද වාර්තා වෙයි. 

මේ අතර ඇල්ල ප්‍රාදේශිය ලේකම් සමන්ති රණසිංහ මහත්මිය අද එම ප්‍රදේශ වල සංචාරය කර නායයෑම් අවදානම් සහිත ස්ථාන පරීක්ෂා කර ඇති අතර කඳවුරු වල සිටින ජනතාවගේ සහන සේවා පිළිබඳව සොයා බලා තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.