2014-11-07

මිහිදන් කළ කාන්තා මළසිරුරටත් චීනයේදී විශාල වටිනාකමක්

චීනයේ මිහිදන් කළ කාන්තා මළසිරුරු සොරකම් කිරීමේ යෙදී සිටි එකොළොස් දෙනකු එරට ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ෂැංඩොං ප්‍රාන්තයේ ගම්මානයකදීය.

මොවුන්ට එල්ල වී ඇති චෝදනාව වනුයේ මිහිදන් කළ කාන්තාවන්ගේ මළසිරුරු ගොඩගෙන ඒවා අධික මිල ගණන්වලට විකිණීමයි.මෙම ප්‍රදේශයේ පවතින චාරිත්‍රයකට අනුව විවාහ නොවූ තරුණයින් මියගිය විට ඔහු මිහිදන් කිරීමේදී අසල කාන්තාවක්ද මිහිදන් කිරීමක් සිදුකරන හෙයිනි. එම වැසියන්ගේ මතය වී ඇත්තේ එසේ අවිවාහකව මියයන තරුණයින් ලබන ආත්මය වන තෙක් හෝ ගැහැනිය අසල සිටීමට අවස්ථාවක් සැලසීමයි. එසේ කිරීමෙන් ඔවුන්ට යම් සැනසිල්ලක් ලැබෙන බව එම ප්‍රාන්ත වැසියන්ගේ විශ්වාසයයි. තවත් මතයක් වනුයේ ලබන ආත්මයේදී ඔවුන් විවාහයක් සිදුකර ගැනීමට  උත්සුක වන බවටද විශ්වාසයක් පවතී.

වාර්තා වී තිබෙන අන්දමට මෙසේ සොරකම් කරනු ලබන කාන්තා මළසිරුරක් සඳහා ඔවුන් ඩොලර් 2600 - 2800 ත් අතර මුදලක් ලබා ගන්නා බව අත්අඩංගුවට පත් අයකු ‍පොලිසියට පවසා ඇත. ඔවුන් පවසන අන්දමට වසර ගණනකට පසු ගොඩගන්නා සිරුරුවලට මෙපමණ මුදලක් නොලැබුණද වළදමා දින ගණනකට පසු ගොඩගන්නා කාන්තාවකගේ මළසිරුරුවලට විශාල ඉල්ලුමක් තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.