දින 100 වැඩසටහන ක්රියාත්මක කිරීමේදී මුදල් ප්රශ්නයක් තිබෙන බවත් රටේ මුදල් සියල්ල පිටරටවල්හි තැන්පත් කර තිබෙන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. මුදල් නොතිබුණත් වැඩකටයුතු අතරමග නොනවත්වන බවත් ඔහු කීවේය.
දින 100 වැඩසටහන යටතේ ගැබිනි මවුවරුන් සඳහා රුපියල් 20000ක ආහාර ලබාදීමේ උත්තම පූජා වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා පොලොන්නරුවේ පැවැති උත්සවයක් අමතමින් අග්රාමාත්යවරයා මේ බව ඊයේ (21දා) පැවැසීය.
විවිධ පක්ෂ නියෝජනය කළත් එකතු වී රට ඉදිරියට ගෙන යා යුතු බවත් ඒ සඳහා විකල්ප දෙකක් පවතින බවත් අග්රාමාත්යවරයා පෙන්වා දුන්නේය.
“අපට තියෙන්නේ විකල්ප දෙකක් පමණයි. ඒ එක්සත් ජාතික පක්ෂය හෝ ශ්රී ලංකා නිදහස් පක්ෂයවත්, සිංහල හෝ දෙමළවත්, බෞද්ධ හෝ අනෙකුත් ආගම්වත් නෙමෙයි. අලුත් ක්රමයකට ගොස් අනාගතයක් ඇතිකරගන්නවාද? නැත්නම් පරණ ක්රමයේම රැඳමින් විනාශ වෙනවාද යන්න එම විකල්ප දෙකයි.”

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.