2015-04-09

ටිරාන් අලස්ගෙන් ප්‍රශ්න කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගෙන් මේවන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

උතුරේ නිවාස ව්‍යපෘතියක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු 5 දෙනෙකුගේ විදේශ ගමන් ද අත්හිටුවමින් අධිකරණ නි‍යෝගයක් ද නිකුත් කර ඇති බව පෙරේදා කියැවිණ.

ඒ සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූ උතුරු නැගෙනහිර ජනතාවට 2006 වසරේදී නිවාස සාදාදීමේ අරමුණින් රාඩා නැමති ආයතනයක් පිහිටුවා එමගින් මූල්‍ය වංචා සිදුකළ බවට පැවසෙන චෝදනා මතයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් තමාට එල්ලවන අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.