2012-04-10

අනුරාධපුරයේත් Blue Film ගහලා


තාවකාලික ලැගුම්හල් වෙත පැමිණෙන තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම් රහසිගතව රූපගත කළ පුද්ගලයෙකු අනුරාධපුරයේදී අත්අංඩගුවට ගැනුණා. එම පුද්ගලයා එවැනි තාවකාලික ලැගුම්හලක සේවකයෙක්. රූගත කිරීම් සඳහා ඔහු යොදාගෙන ඇත්තේ ජංගම දුරකතනයක් බව විමර්ශනවලින් හෙළි වුණා. එම ජංගම දුරකතනයද පොලිස් භාරයට ගැනුනු බව වාර්තා වනවා.
මේ අතර තාවකාලික ලැගුම්හල් වෙත පැමිණෙන තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම් රහසිගතව රූගත කළ ජාවාරමක් අලූත්ගම ප්‍රදේශයෙන්ද ඉකුත්දා අනාවරණ කර ගැනුනා. එලෙස රූගත කෙරෙන දර්ශන සංයුක්ත තැටි ලෙස අලෙවි කෙරෙන බවයි වැඩිදුරටත් අනාවරණ කර ගැනුනේ. එම සංයුක්ත තැටි තොගයක් සහ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන ජංගම දුරකතන කිහිපයක්ද පොලිස් භාරයට ගැනුනා.

ආශ්‍රිත පුවත් 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.