2012-01-31

ඇග පෙන්නු ඉරාන නිලියව රටින් පිටුවහල් කරලා


ඉස්ලාම් ධර්මයට අනුව ඉරානයේ කාන්තාවන් ඇඟපත ප‍්‍රදර්ශනය කිරීම තහනම් වුවද ඉරාන සිනමාවේ ජනප‍්‍රිය නිළියක වන ගොල්සිෆ්ටච් ෆරහානි පසුගියදා ප‍්‍රංශයේ පුවත් සඟරාවක කවරයේ පිංතුරයකට අඩ නිරුවතින් පෙනී සිට ඇත. රංගනයට පිවිසීමෙන් පසු ඇයල ඉරානය තුල කාන්තාවන් කෙරෙහි ඇති දරදඩු නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීමට
පටන්ගත් අතර ඇගපත සම්පූර්ණයෙන්ම වැසි යන ඇදුම් නොඇදීමත් හිස් ආවරණයක් නොපැලදවීමත් සිදුකර ඇත. විශේෂයෙන්ම හොලිවුඞ් රංගනයට එක්වීමෙන් පසු ඉරානයේ ජාතික සිරිත් විරිත්වලටත් ඉස්ලාමීය ධර්මයේ දරදඩු නීති රීතිවලටත් පටහැනිව කටයුතු කිරීමට ඉටාගත් ඇය සමහර අවස්ථාවලදී හොලිවුඞ් චිත‍්‍රපටවල අඩ නිරුවතින් පවා පෙනී සිටීමට ඉදිරිපත් වූ බව ඩේලිමේල් පුවත්පත වාර්තා කරයි.
පසුගිය කාලයේ හොලිවුඞ්හි නිෂ්පාදනයේ පැවතුනිබොඩි ඔෆ් ලයිෆ් නමැති චිත‍්‍රපටයේ රගපෑම සඳහා එහි ගොස් සිටි ෆරහානි එම චිත‍්‍රපයේ ප‍්‍රධාන චරිතවලට රගපාන ලියනාඩෝ ඩිග කැප්රියෝ සහ රසල් ක්‍රෝවේ නමැති නලූවන් දෙදෙනා සමග අඩනිරුවත් දර්ශන කීපයකට පෙනී සිටිය බවද වාර්තා විය.

මේ අතර ප‍්‍රංශයේ ජනප‍්‍රිය පුවත් සගරාවක් වන මැඩම් ලි පිහාරෝ ප‍්‍රකාශනයේ කර්තෘ ඇය අමතමින් තමන්ගේ සගරාවේ මුලූ කවරයකට අඩ නිරුවතින් පෙනී සිටීමට කැමැති දැයි ෆරහානිගෙන් විමසීමක් කර ඇතගිමැඩම් ලී පිහාරෝ සගරාවේ පිට කවරයේ ඡායාරූපයකට අඩ නිරුවතින් පෙනී සිටීමට පරාහානි කැමැත්ත පළ කිරීමත් සමගම එම සගරාවේ ඡායාරූප ශිල්පියෙක් ඇය හමුවීමට පැමිණ කළු සුදු ඡායාරූප කීපයක්ම ගත් බව ඇය කියයි. තමන්ගේ කැමැත්තෙන් මෙම අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටිය බවද පරාහානි කියා සිටියි.

ෆරහානි දැතින්ම පියයුරු වසාගෙන සිටින එක් ඡායාරූපයක් මැඩම් ලි පිහාරෝ සගරාවේ පිට කවරයේ පළවී තිබුණ අතර අනිත් අඩනිරුවත් ඡායාරූප සියල්ලිෆේස්බුක්’ තුළින් දැක ගැනීමට මුළු ලෝකයාටත් ඉරානයේ සහ මැද පෙරදිග ජනාතවටත් හැකියාව ලැබිණි.

ෆරහානිගේ අඩනිරුවත් පිංතූරිමැඩම් ලි ෆිහාරෝ  හි ෆේස් බුක් පලවීමත් සමගම ඉරාන රජය කොයිතරම් කලබලයට පත්වුනාද කියතොත් ඒ මොහොතේම ඇය රටින් පටුවහල් කිරීමටත් ඉරානයට යළි පැමිණීම තහනම් කිරීමටත් දැඩි තීරණයක් ගත් බවිඬේලිමෙල් වැඩිදුරටත් වාර්තා කරයි. ඉරාන රජය ගත් මෙම තීරණය ඒ මොහොතේම ඇය වෙත දැනුම්දී ඇත.