ලියාපදිංචි දේශපාලන පක්‍ෂ ලැයිස්තුවෙන් පක්‍ෂ 03 ක් ඉවත් කිරීමේ නිවේදනය ගැසට් පත‍්‍රයේ පළ කිරීම සඳහා අද යොමු කෙරුණා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයකු සඳහන් කළේ සිය අඛණ්ඩ දේශපාලන ක‍්‍රියාකාරීත්වය තහවුරු කිරීමට මෙම පක්‍ෂ අසමත් වීම ඊට හේතුව බවයි. ජාතික සමගි පෙරමුණ, ඊළාම් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්ති පෙරමුණ සහ විමුක්ති කොටි ජනතා පෙරමුණ යන දේශපාලන පක්‍ෂ මේ අතර වනවා.
ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක් සිය අඛණ්ඩ ක‍්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා වාර්ෂිකව වාර්තා 04 ක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කළ යුතුයි. එම පටිපාටිය අනුගමනය නොකළ දේශපාලන පක්‍ෂ 30 කට ඉකුත් 30 වැනිදා දක්වා අදාල ලේඛන සැපයීම සඳහා කාලය ලබා දී තිබුණා. එකි කාලය තුළ දේශපාලන පක්‍ෂ 27 ක් එම ලේඛන මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත එවා තිබෙනවා. මෙම දේශපාලන පක්‍ෂ 03 ඉවත් කිරිමෙන් පසු මෙරට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ සංඛ්‍යාව 64 ක් දක්වා පහත වැටෙනු ඇති.2012-02-01
Tags