ඇමෙරිකා එක්සත් ජනපදයේ දැනට වෙසෙන සුන්දරම යුවතිය මේ වනවිට සොයාගෙන තිබේ. එම කටයුත්ත සිදුකෙරුණේ ඉකුත් සෙනසුරාදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හිදී පැවැත්වුණු ‘‘මිස් ඇමෙරිකා’‘ තරගයේදීය. ප්‍රාන්ත 50ක් නියෝජනය කරමින් මිස් ඇමෙරිකා කිරුළ සඳහා තරග වැදුණු තරගකාරියන් අතරින් 2012
වසරේ මිස් ඇමෙරිකා කිරුළ හිමිකරගත්තේ ලෝරා කෙප්ලර්ය. විසිතුන් හැවිරිදි ඇය මිස් ඇමෙරිකා තරගයට සහභාගී වී තිබුණේ විස්කොන්සීන් ප්‍රාන්තය නියෝජනය කරමිනි. මිස් ඇමෙරිකා කිරුළේ වසරක හිමිකාරිත්වය සමගින් ඇමෙරිකානු ඩොලර් 50,000ක් වටිනා ශිෂ්‍යත්වයක් ඇයට එහිදී ත්‍යාග වශයෙන් හිමිවිය.
ලෝරා මෙම තරගයේදී සිය තේමාව කොටගෙන ඇත්තේ සිරගතව සිටින දෙමවුපියන්ගේ දරුවන්ට උදවු උපකාර කිරීම සහ ඔවුන් පිළිබදව සොයා බැලීමයි. ලෝරාගේ පියාද, තැපැල් වංචාවක් සම්බන්ධයෙන් මාස 18ක සිරදඩුවමක් ලැබ සිටි අයෙකු වන බැවින් එම තේමාව ඇගේ ජීවිතයටද සමීපවූවක් බව සඳහන් වේ. වාර්ෂිකව සංවිධානය කෙරෙනිමිස් ඇමෙරිකා තරගය මෙවර පවත්වනු ලැබ ඇත්තේ 91 වැනි වරටය.