ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ ගත කිරීමට රුපියල් 150000ක් බැගින් මුදල් රැස් කරමින් සිටි බවට සැකකොට මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකු සමග ශ්‍රි ලාංකිකයෙකු අද (පෙබරවාරි 01) මාතලේ දික්කිරිය ප්‍රෙද්ශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකිකයකු සමග මෙරටට පැමිණ ඇති මැලේසියානු ජාතිකයින් මැලේසියාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් රැස් කර ඇති අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් 128000 මුදල් සහ ගුවන් ගමන් බලපතු හතරක් සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
මාතලේ කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.