2012-03-05

බාල වයස්කාරියන් දෙදෙනෙකුට ලිංගික පෙළඹවීම් කළ ශ්‍රී ලාංකික තරුණයා නවසීලන්තයේදී අත්අඩංගුවට


ගැහැණු ළමුන් දෙදෙනෙකු ලිංගික සම්බන්ධතා සඳහා පොළඹවාගැනීමේ චෝදනාව මත නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 14 හැවිරිදි බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු ලිංගික සම්බන්ධතා සඳහා පොළඹවාගැනීම සම්බන්ධව මෙම 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට පත්ව ඇති බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.
 අදාළ චෝදනාව සම්බන්ධව ක්‍රයිස්චර්ච් දිසා අධිකරණය මගින් මෙම තරුණයා නිවාස අඩස්සියේ තැබීමට නියෝග කර තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ක්‍රයිස්චර්ච් ප්‍රදේශය වෙත පැමිණ ඇති මෙම තරුණයා මිතුරු සබඳතා ගොඩනගාගැනීමේ අරමුණින් අතවරයට ලක්වූ දැරියන් දෙදෙනා වෙත කෙටි පණිවිඩ යැවීම ආරම්භ කර ඇත. සමාජ ජාලගත වෙබ් අඩවියක් ඔස්සේ මෙසේ මිතුරු සබඳතා ගොඩනගාගෙන ඇති බව ද නවසීලන්ත මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. එසේ ගොඩනගාගත් මිතුරු සබඳතා ඔස්සේ ඔහු එම දැරියන් දෙදෙනා වෙත රාගික කෙටි පණිවිඩ යවමින් ඔවුන් ලිංගික සම්බන්ධතා සඳහා පොළඹවාගැනීමට උත්සාහ කර ඇති බව සඳහන්ය. පසුව ඔහු විසින් එම දැරියන් දෙදෙනා සමග හමුවක් නියම කරගෙන ඇති අතර එසේ හමුවූ දැරියන් දෙදෙනා සිය නිවස වෙත කැඳවාගෙන ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. එහිදී ඔහු ඔවුන් වෙත දුම්වැටි හා මත්පැන් ලබා දී ලිංගික සබඳතා සඳහා පොළඹවාගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී එම එක් දැරියක් විසින් සිය මව වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.
පසුව එම මව විසින් පොලිසිය වෙත මේ සම්බන්ධව කළ දැනුම්දීමක් මත අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.