කොකා කෝලා හා පෙප්සි බීම සාදන වට්ටෝරුව වෙනස් කිරීමට යන බව විදෙස් වාර්තා සඳහන් වේ.මෙම
පියවර ගෙන ඇත්තේ මේ බීම වල කැරමල් වර්ණක වල අඩංගු methylimidazole නම්
රසායනික ද්‍ර‍්‍රව්‍යය පිළිකා කාරකයක් ලෙස ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තය
විසින් නම් කිරීමෙන් අනතුරුවයි.
නව වට්ටෝරුවට අනුව සදන ලද බීම මේ වන විටත් කැලිෆෝනියා ප‍්‍රාන්තයේ විකිණීමට ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
මියන් යොදා ගනිමින් සිදුකරන ලද පර්යේෂණ වලට අනුව මෙම
methylimidazole නම් රසායනික ද්‍ර‍්‍රව්‍යය මගින් මියන්ට පිළිකා ඇති වීමේ
අවදානමක් ඇතැයි සොයාගෙන ඇති නමුත්, මෙමගින් මිනිසුන් හට පිළිකා ඇතිවීමේ
අවදානමක් ඇතැයි අනාවරණය වී නැති බව ඒජන්සි වාර්තා කියයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.