2013-04-16

ලංකාව මැදි ආදායම්ලාභි රටක් නිසා අමෙරිකානු ආධාර කප්පාදු කරයි


ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බැවින් තමන් ලබා දෙන ආධාර කප්පාදු කිරීමට තීරණය කළ බව අමෙරිකාව පවසනවා. එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු උපුටා දක්වමින් පේ‍්‍රස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය කියා සිටියේ අමෙරිකානු ආධාර මත ශ‍්‍රී ලංකාවේ සිදු කෙරුණු ඇතැම් ව්‍යාපෘතින්වලදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවු බවයි. මෙරට අධිකරණ සේවා පද්ධතියේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් 2014 වර්ෂය සඳහා අමෙරිකාව විසින් වැඩි ආධාර ප‍්‍රමාණයක් ලබාදිමට නියමිතයි. එම ආධාර ද යම් ප‍්‍රමාණයකින් කප්පාදු විය හැකි බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියා පෙන්වා දෙන්නේ. ශ‍්‍රී ලංකාවට ලබා දෙන ආධාර 20%කින් කප්පාදු කිරීමට අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එරට කොංග‍්‍රස් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 2013 - 2014 මූල්‍ය වර්ෂ සඳහා ශ‍්‍රී ලංකාවට ලබා දිය යුතු ආධාර ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 11ක්. එහෙත් 2012 - 2013 මූල්‍ය වර්ෂය හා සැසඳීමේදී එය 20%ක පමණ අඩුවක් බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.