කළුතර දිස්ත්‍රික්කයේ කම්මුල්ගාය රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව සෞඛ්‍ය අංශ පවසනවා. ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ කළුතර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ඩී. සිංහබාහු මහතා පැවසුවේ මේ වනවිට රෝගීන් 800කට ආසන්න ප්‍රමාණයක් පමණ වාර්තා වී ඇති බවයි. ඒ අනුව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු පැවසුවා.
විශේෂයෙන්ම කළුතර, බේරුවල, දොඩංගොඩ සහ මතුගම යන ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව සිංහබාහු මහතා පැවසුවා. මීට අමතරව කර්මාන්ත ශාලාවකින් රෝගීන් 6 දෙනෙකු හඳුනා ගත් බවත් වසංගත රෝග විද්‍යා අංශයේ උපදෙස් මත එම ආයතනයේ සියලු සේවකයින්ට ඊට අදාළ එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණු බවත් අවධාරණය කෙරුණා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.