2012-03-22

කෝට්ටේ භික්ෂු ඝාතනය : ප්‍රධාන සැකකරු අත්අඩංගුවට


කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පෙරේදා රාත්‍රියේ සිදු වු ද්විත්ව භික්ෂු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ අද අලුයම තණමල්විලදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. අවුරුදු 21ක් පමණ වයසැති මෙම සැකකරු අවුරුදු තුනක පමණ කාලයක සිට බෞද්ධ භික්ෂුවක ලෙස සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


පොලිස්   මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ තරුණයකු  විහාරස්ථානයේ වැලිතලාවේ ලියා තිබූ වාහනයේ අංකය හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.