2012-03-16

මත් කුඩු චෝදනාවට මරණ දඩුවම්


මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා. මෙසේ දඬුවම නියම වුණේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීමකදී මෙම සැකකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 07කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව මහාධිකරණ විනිසුරු පී. සුරසේන මහතා තීන්දු කළේ විත්තිකරුට එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති නිසා ඔහුට මරණීය දණ්ඩනය  පනවන බවයි. මෙම නඩුවේදී බොරු සාක්ෂි දුන් පුද්ගලයෙකුද වරදකරු කළ අධිකරණය ඔහුට වසර 20කට අත්හිටවූ වසර 2ක සිර දඩුවමක් පනවන බවද රුපියල් 150000ක දඩයක්ද නියම කෙරුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.