2012-03-21

ශිරාල්ට සහනයක්


බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතාට එරෙහිව නිකුත් කර ඇති චෝදනා පත්‍රය මගින් සහ එක්සත් ජාතික පක්ෂයේ විනය පරික්ෂණ කමිටුව හරහා ඔහුට විරුද්ධව කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීම වළකමින් අද නුගේගොඩ දිස්ත්‍රික් අධිකරණය නියෝගයක් නිකුත් කළේය. නුගේගොඩ දිස්ත්‍රික් අධිකරණයේ අංක 216/12 ඩීඑෆ්පී යටතේ එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා
අධිකරණයට දන්වා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ද චිනය කමිටුවේ සාමාජිකයින්ට ද්වේශ සහගත සහ පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරමින් සිටිනා බවයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද්වේශ සහගත සහ පළිගැනීමේ චේතනාවෙන් දැනටමත් ශිරාල් ලක්තිලක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව පැමිණිල්ල මගින් තවදුරටත් ප්‍රකාශ විය.
තමාට එරෙහි වැරදි චෝදනා මත චෝදනා පත්‍රයක් සකස් කොට එකී චෝදනා පත්‍රය මත එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අවැසි සාමාජිකයන් කණ්ඩායමක් විනය කමිටුවක් ලෙස පත් කොට ඔවුන් හරහා තමාගේ පක්ෂ සාමාිකත්වය අහෝසි කිරීමට එජාප නායකයා කටයුතු කරන බව සිය පෙත්සම මගින් ශිරාල් ලක්තිලක මහතා තවදුරටත් අධිකරණය වෙත දන්වා සිටියේය.
අදාළ කරණු තහවුරු කිරීමෙන් පසුව ගංගොඩවිල දිසා විනිසුරුවරයා ශිරාල් ලක්තිලක මහතාට එරෙහිව අදාළ චෝදනා පත්‍රය මත කිසිදු තීන්දුවක් ගැනීම වළකන ලෙසත් සහ අදාළ එක්සත් ජාතික පක්ෂ විනය  පරීක්ෂණ කමිටුව හරහා ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම වළක්වමින් වාරණය කරමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.