කෝට්ටේ රජමහා විහාරයේදී ඊයේ රාත‍්‍රී සිදු වූ භික්ෂු ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් දැයි සැක කෙරෙනවා. ඝාතකයන් පැමිණ ඇත්තේ භික්ෂුන් වහන්සේ දෙනමක් නොව එක් අයෙකු ඝාතනය කිරීමට බවයි වැඩිදුරටත් සැක කෙරෙන්නේ. එලෙස ඝාතනය කිරීමට අපේක්ෂා කෙරුණේ වයස අවුරුදු 80ක් පමණ වන පූජ්‍ය පිටිගල ජිනරතන හිමියන් බවද සැක කෙරෙනවා.
ඇල්පිටිය පිටිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන උන්වහන්සේ ඉඩම් නඩුවක් සඳහා මීට දින කිහිපයක් පෙර එම ප‍්‍රදේශයට ගොස් තිබෙනවා. ඝාතනයට ලක් වූ අනෙක් භික්ෂුන් වහන්සේ වයස අවුරුදු හැටක් පමණ වන පූජ්‍ය බොරලැස්ගමුවේ ගුණරතන හිමියන්. මුලින් කෙරුණු ඝාතනය දැකීම හෝ ඒ අසල ස්ථානයේ සිටීම නිසා උන්වහන්සේ ඝාතනය කෙරෙන්නට ඇතැයි සැක කෙරෙනවා.2012-03-21
ඉඩමට ලොල් වී භික්ෂූන් ඝාතනය් කළාද?
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.