ශ්‍රී ලංකාවේ පවතින ගැටළුවලට තිරසාර විසදුමක් ළගා කරගැනීම සඳහා සහය වන්නැයි ඉල්ලා ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත උතුරේ ක්‍රිස්තියානි පූජකවරුන් ලිපියක් යොමු කර තිබෙනවා. මන්නාරම රදගුරු අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් ඇතුළු පූජකවරුන් 31 දෙනෙකු විසින් මෙම ඉල්ලීම් ලිපිය සම්පාදනය කර ඇති බව සඳහන්. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සියළු සාමාජික රටවල් අමතමින් එය සම්පාදනය කෙරුණා.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ආරක්ෂා කිරීම සඳහා කවුන්සිලයේ ඇති පෙළඹීම අගය කරන බවයි. නියමාකාර සමගි සන්ධානයක් ගොඩනැගීම සඳහා තවදුරටත් මැදිහත්වන ලෙසද එමගින් ඉල්ලීමක් කෙරෙනවා.
ඒ සඳහා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කවුන්සිලය මැදිහත්වීම ඔවුන්ගේ පළමු ඉල්ලීමයි. ඊට කාලරාමුවක් සැකසිය යුතු බවත් එහි ප්‍රගතිය ලබන වසරේ කවුන්සිලය හමුවේ සාකච්ඡා කළ යුතු බවත් දෙවන ඉල්ලීම වනවා. යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගවිය යුත්තන් සොයන ඵලදායි ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීම ඔවුන්ගේ තෙවන ඉල්ලීම ලෙස දක්වා තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.