2012-03-21

ෆොන්සේකා ගැන වික්‍රමබාහුගෙන් අනාවරණයක්


සරත් ෆොන්සේකා මහතා එළියේ සිටියානම් ආණ්ඩුවේ රෙදි ගලවන බව සහතික යයි නව වාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා. ඒ මහතා මෙලෙස අදහස් දැක්වූවේ කොළඹ පැවති උත්සවයක් අමතමින්.

‘ෆොන්සේකා මහත්තයා සැබෑ නඩු තීන්දුවකින් නොවේ හිරේ ඇතුලේ ඉන්නෙ. මෙය දේශපාලන තීන්දුවක්. ආණ්ඩුව යුද්ධය විකුණලයි ජනතාව මුලා කරගෙන යන්නෙ. ෆොන්සේකා මහත්තයා එළියේ හිටියා නම් මේ යුද්ධය ගැන මේ අයට කතා කරන්න බෑ. මොකද මේ අයගේ රෙදි ගලවනවා එයා එළියේ හිටියානම්. ඇමරිකාව අපේ යුධ වීරයව ගිලින්න එනවා කියලා උද්ඝෝෂණය කරනවා. හරිනම් මේ ආණ්ඩුවට විරුද්ධවයි උද්ඝෝෂණය කරන්න  ඕන.’

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.