2012-03-21

උතුරු මැද විපක්ෂ නායකට වරෙන්තු


අවස්ථා කිහිපයකදී උසාවියේ පෙනී නොසිටි උතුරු මැද පළාත් සභා විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා  විලච්චිය පොලිස් ස්ථානාධිපතිට නියෝග කළා. දෙවසරකට පෙර විලච්චියේ දී පොලිස් රාජකාරියට බාධා කරමින් අත්අඩංගුවේ සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු මුදා ගැනීමට තැත් කළැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.