2012-03-21

රෝහල්වලට යුද හමුදාව


රෝහල් සුළු සේවකයන් විසින් ආරම්භකර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ග හේතුවෙන් එම ක‍්‍රියාමාර්ගය පැවැත්වෙන රෝහල්වල සේවා පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින්‍ යොදවා ඇතැයි යුධ හමුදාව පවසනවා. මෙසේ යුධ හමුදාව යොදවා ඇත්තේ ආහාරපාන පිසීමේ කටයුතුවලට හා සෞඛ්‍ය ආරක්ෂක කටයුතුවලට සහාය වීම සඳහා බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ. 
රෝහල් සුළු සේවකයින් ක්‍රියාත්මක කර ඇති ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙතුවෙන් රෝහල් සේවාවලට බාධා මතුව තිබෙනවා. 
රුපියල් පන්දහසක මාසික දීමනාවක් ලබා දීම අතුළු ඉල්ලීම් ඉල්ලීම් 11 මුල්කර ගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් ශ්‍රේණි කිහිපයක සේවකයින් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.