2012-03-16

මුදල් අමාත්‍යාංශය වටලනවා - ලංගම සේවක එකමුතුව


සිය ඉල්ලීම් සඳහා බලධාරීන් කන් නොදෙන්නේ නම් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියළුම සේවකයන් එක්ව මුදල් අමාත්‍යංශය වටලන බව ශ‍්‍රී ලංගම සේවක එකමුතුව පවසනවා. ඔවුන් මේ බව පැවසුවේ අද කොඹ පැවති මාධ්‍ය හමුවකදීයි

දැනට දින පහක් තිස්සේ ශ‍්‍රී ලංගම වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක වනවා. වැටුප් නියමිත දිනට ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා ශ‍්‍රී ලංගම ඩිපෝ 100කට ආසන්න ප්‍රමාණයක සේවකයන් මෙම වර්ජනයට එක්ව සිටිනවා. කෙසේ වෙතත් ප‍්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ අද පස්වරුවේ මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.