2012-03-18

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහමෙව්නාව ඩෝසර් කරයි


අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහාබෝධියට නුදුරින් වු මහමෙව්නා උයනේ පොකුණක් හෑරීමට බැකෝ යන්ත්‍රයක් යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබේ. පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති භූමිවල බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කැණීම් සිදුකිරීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සම්පූර්ණයෙන් තහනම් කර තිබියදීයි මෙය සිදු වන්නේ. එසේ තිබියදීත් මෙවැනි කැණීම් සිදුකිරීම් පිළිබඳ පුරා විද්‍යා
විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එය නිසි අවසරයකින් යුතුව සිදුකර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇතත් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වාර්තා වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.