2012-03-18

තොරණකට යටවී හතරක් රෝහලට


මීරිගම පොලීසිය ඉදිරිපිට පාර හරහා ඉදිකර තිබූ තොරණ ඊයේ (17) හවස කඩා වැටී සිව් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ළමයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් තුවාලකරුවන් අතර සිටිනවා. ඔවුන්ගේ අතපය කැඩී බිදී යාමෙන් තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. මීරීගම රෝහලට ඇතුලත් කළ තුවාලකරුවන් අසාධ්‍ය තත්වයේ පසුවූ බැවින් රාගම රෝහලට මාරුකර යවා තිබෙනවා.

මොවුන් රාගමට ගෙනයාම සිදුකර ඇත්තේ කුලී රථ වලින් වන අතර මීරිගම රෝහලේ ගිලන්රථය ධාවනය කරවන රියදුරා නිවාඩු ගෝස් බැවින් එම ගිලන් රථය ධාවනය කරවීමට වෙනත් රියදුරෙකු සිට නැත.
පුවක් කොට සිටුවීමෙන් මෙම තොරණ මීට මාස හතරක පමණ පෙර ඉදි කරන ලද එකක් බව කරුණු සොයා බැලීමේදී අනාවරණ වුණා.
ඡායාරූපය - ශ්‍රීලංකාමිරර්.කොම්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.