බස්නාහිර පළාතේ මත්පෙති උවදුරින් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකසන්නැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබෙනවා. වෛද්‍ය වට්ටෝරු නොමැතිව බෙහෙත් නිකුත් කරන හා තරුණයන්ට විවිධ ඖෂධ වර්ග අලෙවි කරන ඖෂධ හල් ගැන සැලකිලිමත් වෙන ලෙසට උපදෙස් දී තිබෙනවා.
පාසල් අවට ඇති බෙහෙත්හල්හි සුදුසුකම්ලත් ෆාමසිකරුවන් සිටින්නේද යන්න සහ ෆාමසිවලට ලබා ගන්නා බෙහෙත් තොග හා නිකුත් කරන බෙහෙත් නිසි ලෙස ලේඛන ගත කරන්නේද යන්නත් සොයා බලන ලෙස මහ ඇමැතිවරයා අවධාරණය කළා. මෑතක සිට යළි බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් මත්පෙති භාවිතය උත්සන්න වී ඇතැයි විදුහල්පතිවරු සහ ගුරුවරු පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.