වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් කිහිපදෙනෙකු එහි නිලධාරින් ලිංගික අපයෝජනයට ලක් කළේ, යැයි කියන සිද්ධිය සොයා බැලීමට පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද බන්ධනාගාර කොමසාරිස්ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතයි. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදූ තිබූ පසුගිය 8 වැනිදා රාත්‍රියේ එම කාන්තාවන් ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට එම නිලධාරින්ට චෝදනා එල්ලවී තිබේ.
කාන්තා දිනය වෙනුවෙන් වේදිකාගත කිරීමට නියමිතව තිබූ නාට්‍යයක පුහුණුවීම් කටයුතු සඳහා බව පවසමින් කාන්තා රැඳවියන් අදාල නිලධාරින් විසින් සෙසු රැඳවියන්ගෙන් වෙන්කර, මෙම අපචාරය කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්.කොඩිප්පිලි සදහන් කළේ, මෙලෙස නැගෙන චෝදනාවල සත්‍යතාවක් තිබේද යන්න පිළිබඳව අදාළ කමිටු වාර්තාව විමර්ශනයෙන් අනතුරුව පැහැදිලි කරගත හැකි බවයි.
ඒ අතර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින්ද අදාළ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කාන්තාවන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර තිබේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.