මෙවර විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන මැයි මස 20 වැනි දින ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අදියර දෙකක් යටතේ මෙම නායකත්ව පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළා.
දිවයිනේ මධ්‍යස්ථාන 30 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඒ මහතා සඳහන් කළා.
පසුගිය වාරයේ මෙම පුහුණුවට සහභාගි වූ සිසු සිසුවියන්ගේ නව යෝජනා සැලකිල්ලට ගෙන යම් යම් අඩුපාඩු ද සකසාගනිමින් මෙවර නායකත්ව පුහුණු වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සුනිල් ජයන්ත නවරත්න පෙන්වා දුන්නා.
අදාළ පුහුණුව සඳහා පළමු සහ දෙවන කණ්ඩායම් සඳහා සිසු සිසුවියන් 10000 බැගින් සහභාගිකරවා ගැනීමට ඉලක්ක කර ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.