ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුභාණ්ඩ භාරකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. විභාග වෙමින් පවතින නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබූ රන්භාණ්ඩ වෙනුවට ව්‍යාජ රන්භාණ්ඩ මාරු කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ ව්‍යාජ රන්භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර දොම්පේ කින්නපත්තර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (06) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.