2012-04-06

ඇමැති ජී.එල්. මාලදිවයිනට


තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම විදේශ අමාත්‍යවරයා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් වහීඩ් හසන් මනික් මහතා හමුවීමට නියමිත බවද මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල් සමද් අබ්දුල්ලා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ද්විපාර්ශවික සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග මෙම සාකච්ඡා පැවැත්වෙන බව ද අබ්දුල්ලා මහතා පෙන්වා දී ඇත. අමෙරිකාව ඇතුළු බටහිර රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂව ශ්‍රී ලංකාවට සහය දක්වමින් ඡන්දය භාවිත කළ රටවල් අතර මාලදිවයින ද වනවා.

එසේ ශ්‍රී ලංකාවට සහය දක්වමින් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව මාලදිවයින් රජය වෙත ප්‍රණාමය පිරිනැමීම ද මහාචාර්ය ජීග එල්ග පීරිස් මහතාගේ සංචාරයේ අරමුණක් වන බව අබ්දුල්ලා මහතා ප්‍රකාශ කර තිබේග

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.