සබරගමුව පළාත පුරා අද දහවල් සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්හිටවූ බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ කහවත්ත විදුලි ප්‍රාදේශිකයේ සේවකයින් අරඹා තිබූ වැඩවර්ජනයද මේ වන විට අවසන් කර ඇති බවයි. ඉකුත් 12 වැනිදා කහවත්ත ප්‍රාදේශිකයේ සේවකයින් පිරිසක් අලූත්වැඩියා කටයුත්තක් සඳහා යමින් සිටියදී රක්වාන ප්‍රදේශයේදී කිසියම් පිරිසකගේ පහරකෑමට ලක් වුණා. එම පිරිස අත්අඩංගුවට ගත්තද ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳ විරෝධය පළ කරමින් කහවත්ත ප්‍රාදේශිකය සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය ආරම්භ කළේ ඊයේ පස්වරුවේයි. කෙසේ වෙතත් මේ පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව රංජන් ජයලාල් මහතා අවධාරණය කළා.
කහවත්තේ කි‍්‍රයාත්මක වූ විදුලි සේවක වර්ජනය හේතුවෙන් අවට ප්‍රදේශ රැසක සැපයුම් බිඳ වැටී තිබුණා. ජනතාවගෙන් චෝදනා එල්ල වූයේ මෙවැනි ගැටලූ මත තමන් අපහසුතාවට පත් කිරීම අනුමත කළ නොහැකි බවයි. මේ වනවිට එම ප්‍රදේශවල විදුලි සැපයුම් යථා තත්වයට පත්ව තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.