සිය බලප්‍රදේශයේ පානීය ජලසැපයුම් අවිධිමත් වීමෙන් රෝගී තත්වයට පත් විශාල පිරිසක් රෝහල් ගත කර ඇතැයි තලවාකැලේ ලිඳුල ප්‍රාදේශීය සභාව පවසනවා. එහි සභාපති අශෝක සේපාල මහතා පැවසුවේ ජලසම්පාදන මණ්ඩලයේ තලවාකැලේ ප්‍රාදේශිකය හරහා නිකුත් කෙරෙන ජලයේ ප්‍රමිතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි. මේ වන විටත් විශාල පිරිසක් රෝග තත්වයන් හේතුවෙන් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අනුව ගැටලූවට හේතුව ජලයදැයි තහවුරු කර ගැනීම සඳහා අද දිනයේ එහි සාම්පල ලබා ගන්නා බවයි සභාපතිවරයා කියා සිටියේ.
ජල සම්පාදන මණ්ඩලය විසින් සපයන ජලය පානීය අවශ්‍යතා සඳහා යොදා නොගන්නැයිද සභාපතිවරයා තලවාකැලේ ළිඳුල බලප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා. සිය ප්‍රාදේශීය සභාවේ බවුසර මගින් තාවකාලිකව ලබාදෙන සැපයුම් ඒ සඳහා උපයෝගී කර ගන්නා ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.